සෙලින්කෝ හෙල්ත්කෙයාර් සර්විසස් වෙතින් ලොව නවීනතම පිළිකා වෛද්‍ය ප්‍රතිකාර දැන් පහසුවෙන් ඔබ වෙත

da

සෙලින්කෝ හෙල්ත්කෙයාර් සර්විසස් යනු

සෙලින්කෝ හෙල්ත්කෙයාර් සර්විසස්, සෙලින්කෝ ලයිෆ් ආයතනයට අනුබද්ධිත පිළිකා වෛද්‍ය ප්‍රතිකාර සඳහාම විශේෂිත වූ ආයතනයකි. නවීන තාක්ෂණයෙන් සමන්විත, විශේෂ සුදුසුකම් සහිත කාර්‍යමණ්ඩලයක් සහිත සෙලින්කෝ හෙල්ත්කෙයාර් සර්විසස්, පිළිකා සඳහා ලොව භාවිතා වන නවතම විකිරණ ප්‍රතිකාර ක්‍රම සඳහා දිවයිනේ ඇති ප්‍රමුඛතම ආයතනයයි. අප ආයතනය සතු ලොව පිළිගත් ඉහළම තාක්ෂණය හා වසර ගණනාවක පළපුරුද්ද තුළින් වඩාත් ඉහළ සේවාවක් ඔබ වෙත සැපයීම අපගේ එකම අරමුණයි.

වසර 10ක් පුරා රෝගීන් 5,000 කට වඩා ප්‍රතිකාර කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික පිළිකා වෛද්‍ය ප්‍රතිකාර ආයතනය ලෙස අප අත්පත් කරගෙන ඇති සාර්ථකත්වය තවත් ඉදිරියට රැගෙන යමින් නවීනතම පිළිකා ප්‍රතිකාර ක්‍රම රැසක් ඔබ වෙත පිරිනැමීමට අප සූදානම්.

ඉහත සියලුම ප්‍රතිකාර ඉතා සුවපහසු, රෝහලක් ලෙස නොහැඟෙන පරිසරයක් තුළ සිදු කළ හැකි වටපිටාවක් සෙලින්කෝ හෙල්ත්කෙයාර් සර්විසස් අප ඔබ වෙනුවෙන්ම නිර්මාණය කර ඇති අතර රෝගීන් හා ඔවුන්ගේ ආදරණීයයන් එකිනෙකා ගෙන් වෙන් නොකරමින්, නිවසේ සිට ප්‍රතිකාර ලබනවා මෙන් හැඟීමක් සැම විටම ඔබ වෙත ලබා දීමට අපි ඇප කැප වන්නෙමු.

ඔබේ ප්‍රතිකාර සඳහා සෙලින්කෝ හෙල්ත්කෙයාර් සර්විසස් තෝරා ගත යුත්තේ ඇයි?

  • ශ්‍රී ලංකාවේදී ලබා ගත හැකි ඉහළම තාක්ෂණයෙන් යුත් පිළිකා ප්‍රතිකාර ක්‍රම ඉතා පහසු මිලට අප සතු වීම
  • පිළිකා ප්‍රතිකාර සඳහා වසර 10කට අධික අත්දැකීමක් සහිත විශ්වසනීය සේවය
  • රෝගීන් 5,000කට වඩා වැඩි ප්‍රමාණයකට ප්‍රතිකාර කර තිබීම
  • සියලුම ප්‍රතිකාර, සුදුසුකම් හා පළපුරුද්ද සහිත වෛද්‍යවරුන්, විකිරණ චිකිත්සක ශිල්පීන් විසින් සිදු කිරීම
  • රෝහලක් ලෙස නොදැනෙන, සුව පහසු වටපිටාවක් තුළ ප්‍රතිකාර සිදු කිරීම

හඳුන්වාදෙන Varian Clinac iX Linear Accelerator

වඩාත් ගුණාත්මක ප්‍රතිකාර ක්‍රම සඳහා අපගේ නවතම තෝරාගැනීම.

Varian Clinac iX – Linear Accelerator යනු කුමක්ද?

Varian Clinac iX – Linear Accelerator, පිළිකා ප්‍රතිකාර සඳහා ලෝකයේ වඩාත්ම ස්ථාවර විශ්වාසයක් දිනා ඇති යන්ත්‍රයක් වන අතර ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට එම පිළිකා ප්‍රතිකාර ක්‍රම ඔබ වෙත පිරිනමන්නේ සෙලින්කෝ හෙල්ත්කෙයාර් සර්විසස් අපියි.

ශරීරයේ ඕනෑම තැනකට පහසුවෙන් ළඟා වී ඉතාම වේගවත්, ඵලදයී හා ගුණාත්මක ප්රතිකාර සැපයීමේ හැකියාවක් Varian Clinac iX සතුව ඇති අතර මේ වන විට මෙවැනි යන්ත්‍ර 5,000කට අධික ප්‍රමාණයක් ලොව පුරා ස්ථාපිත කර ඇත.

Varian Clinac iX – Linear Accelerator සතු සුවිශේෂීතා

  • අඩු කාලයක් තුළ ප්‍රතිකාර කිරීමේ හැකියාව හා ශරීරයේ ප්‍රතිකාර අවශ්‍ය කොටස් පමණක් ඉලක්ක කර ප්‍රතිකාර කිරීමේ සුවිශේෂී හැකියාව නිසා බොහෝ අවස්ථාවලදී ප්‍රතිකාර කළ යුතු වාර ගණන අඩු වීම.
  • ප්‍රතිකාර අවශ්‍ය පටකවලට ඉතා නිවැරදිව ළඟා වෙමින් ඕනෑම කෝණයකින් ප්‍රතිකාර කිරීමට ඇති නම්‍යශීලී භාවය.

Varian Clinac iX සමග පහත පිළිකා විශේෂයන් සඳහා ලොව පිළිගත් ප්‍රතිකාර ක්‍රම දැන් අප වෙතින්

ටෝමෝතෙරපි ප්‍රතිකාර ක්‍රමය

Tomotherapy යනු පිළිකා රෝගය සඳහා අද වන විට ලොව භාවිතා වන ඉහළම තාක්ෂණික ප්‍රතිකාර ක්‍රමවේදයන් වලින් එකකිි.

උසස් ගණයේ විකිරණශීලී ප්‍රතිකාරයන් සමග සම්බන්ධ වන CT ස්කෑන් යන්ත්‍රය මගින් රෝග නිශ්චය කිරීමේ ක්‍රමවේදය Tomotherapy® ප්‍රතිකාර ක්‍රමයේ මූලික සැකැස්මයි. මෙහි විශේෂත්වය වන්නේ මෙම සියලු කොටස් එකම යන්ත්‍රයක් තුළ අන්තර්ගත වීමයි.

ටෝමෝතෙරපි ප්‍රතිකාර ක්‍රමය මගින් පහත පිළිකා ප්‍රභේද සඳහා වඩාත් සාර්ථක ප්‍රතිකාර

සම්බන්ධවීමට

පිළිකාව කල්තබා හඳුනාගැනීම සහ ප්‍රතිකාර කිරීම මගින් ජීවිතයක් ගලවාගත හැකිය. නියෝජිතයකු හා සම්බන්ධ වීම සඳහා ඔබේ විස්තර පහතින් ලබාදෙන්න.